එක්දින හා විස්සයි20 තරගාවලියට සහභාගිවීම සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්රියේ නවසීලන්තය බලා පිටත්ව ගියා.
මේ මස 28, 30 සහ 2025 වසරේ ජනවාරි 2 යන දිනවල දෙරට අතර තරග පැවැත්වීමට නියමිතයි.
“අභියෝගාත්මක තරගාවලියක්. නවසීලන්තය ඔවුන්ගේ රටේදී ගොඩක් ශක්තිමත්. කණ්ඩායමේ ගොඩක් ලොකු වෙනස්කම් කරන්නේ නෑ. නමුත් අත්දැකීම් බහුල ක්රීඩකයන්ගේ අත්දැකීම්, නවකයන්ට ලබාදීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ” යනුවෙන් තරගාවලියට පෙර ශ්රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කළා.