ආරුගම්බේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන් තිදෙනාට රැඳවුම් නියෝග

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.