පාස්කු දින එල්ලවූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම පිළිබඳ ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීම අද(18) බොරැල්ල අගරදගුරු නිල නිවසේදී සිදු වුණා.
ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ලියවිල්ලට ඇතුළත් වනවා.
මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, රොහාන් ප්‍රනාන්දු සහ අරුණ ශාන්ත නෝනිස් යන අය එක්ව සිටියා.
ඊයේ දින පැවති මාධ්‍ය හමුවක දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ ජාතික ජන බලවේගය තමන්ගෙන් හමුවීමට වේලාවක් ඉල්ලා ඇති බව සහ ඔවුන් එන්නේ කුමටද යන්න ගැන බලා සිටින බවයි.
එමෙන්ම වින්දිතයන්ට යුක්තිය ඉටුකරණ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට තමන් රැවටුණු බවද උන් වහන්සේ එහිදී කියා සිටියා.