දශක කිහිපයක් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල ඡායාරූප මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි විසින් රචිත ගෝලීය ඡායාරූප සන්නිවේදනය – ශ්‍රී ලංකාවේ අත්දැකීම් ඇසුරෙන් කෘතිය ඊයේ දිනයේදී මහවැලි කේන්ද්‍රයේදී එළි දක්වනු ලැබීය.
ඉතිහාසයේ සිට ඩිජිටල් යුගය දක්වා ඡායාරූප සන්නිවේදනයේ ගමන් මග පිළිබදව කතුවරයා විමර්ශනයට ලක් කර ඇත. ඒ අතරම ශ්‍රී ලංකාවේ අත්දැකීම් ගෝලීය දෘෂ්ඨිකෝණයන් සමග මිශ්‍ර කරමින් සිය පුද්ගලික අත්දැකීම් සමගින් එම විමර්ශනය තවදුරටත් අර්ථ ගන්වා තිබේ.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ අනුරුද්ධ ලොකුහපුආරච්චි මෙසේ සදහන් කළේය.
පාසලෙන් එළියට ආවාම අපි දැක්කේ ගිනි තැබීම්. පහරදීම්. පසාසලන් ඉවත් වුනාට පස්සේ දැකපු දේවල් එක්ක අපේ ජීවිතයේ අනාගතය කොහොම විවිය යුතුද යන්න කල්පනා කළා. මේ සිදුවීම් අප කම්පනයට ලක් කළා. ඒ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය ලෙස මුලින්ම මම නාට්‍ය කලාව තෝරා ගත්තා. සමහර අවස්ථාවලදී වීදි නාට්‍ය පෙන්නුවා.
අපේ සහෝදරවරු මරා දානවා අපි දැක්කා. මම හොරෙන් ඒ පින්තූර ගන්න පුරුදු වුනා. මේ පින්තූරවලට මොනවාද කරන්නේ කියලා මට අරමුණක් තිබුණේ නෑ. ලෝකයට ලංකාවේ කතාව කියන්න මේ පින්තූර වැදගත් වෙයි කියලා මම හිතවා. ඒ වෙලාවේ තමයි ජනමාධ්‍යකරණයට මම යොමු කරපු ටර්නින් පොයින්ට් එක වුනේ. මම ඊට පස්සේ පත්තරකාරයෙක් වෙන්න හීන මැව්වා. මම නාට්‍ය කලාව අතහැරලා ජනමාධ්‍යකරණයට ආවා. ඡායාරූප මාධ්‍යවේදියෙක් වෙනකොට මම හිතුවේ මට සටන් කරන්න තියෙන්නේ එක පෙරමුණක් විතරයි කියලා. නමුත් ඇත්තටම ඡායාරූප මාධ්‍යවේදියෙක් සටන් පෙරමුණු දෙකකට විවෘත වෙනවා. එකක් තමයි කැමරාව ඉස්සරහ තියෙන සටන් පෙරමුණ. අනෙක තමයි පපුව. මුල් කාලයේ මම නිසා ගත්තේ නෑ. ඝාතන ගිනි තැබීම් හීනෙන් පේනවා. බයවෙලා ගැස්සිලා ඇහැරෙනවා. මම අවුරුදු දා හතක් ලංකාවෙන් බැහැරව සිටියා. මුල් අවුරුදු පහේ ඡායාරූපකරණය අමතක කරන්න හැදුවා. ඒත් ඒක කරන්න බැරි වුනා.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩද එක්ව සිටියහ.