කෙදිරිගෑවොත් හිටපු ජනපතිවරුන්ට ආරක්ෂකයන් නැති කරනවා – ජනපතිගේ සැර කතාව නරඹමු(VIDEO)

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සදහා ලබාදී ඇති ආරක්ෂක නිලධාරීන් හැට දෙනා මදි යැයි කෙදිරිගෑවොත් එම හැට දෙනාත් අයින් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක අනතුරු අගවයි.

ජනාධිපතිවරයා අද පැවති ජන හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සදහන් කළේය.

මීට පෙර ආණ්ඩු හදල ා තියෙනවා. එක්කෝ ආණ්ඩු පෙරලලා තියෙනවා. ආණ්ඩු හදන්න විවිධ කුමන්ත්‍රණකාරී වැඩ වෙලා තියෙනවා. එහෙම නැතිනම් විශාල මුදල් පොම්ප කරලා තියෙනවා. එහෙම නැතිනම් ඔලු සෝදන විශාල මාධ්‍ය ආණ්ඩු හදන්න මැදිහත් වෙලා තියෙනවා. කොච්චිර බය කළාද? තෙල් පෝලිම් එයි, ගෑස් පෝලිම් එයි, විදුලිය නැති වෙයි, දානේ අහිමි වෙයි. පෙරහැර නතර වෙයි. විදේශ සම්බන්ධතා නැතිව යයි. ඒ ඔක්කෝටම මුහුණදීලා විශාල ජනතා ජයග්‍රහණයක් ලබාගත්තා

ඉස්සර ඇමැතිවරයෙක් යද්දී වාහන කීයක් පිටිපස්සේ යනවාද? පොලිස් රථ කීයක් පිටිපස්සේ යනවාද? අද කිසිම අමාත්‍යවරයෙක් පිටිපස්සේ වාහනත් නෑ. පොලිස් රථත් නෑ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විතරක් නෙමෙයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙන්නෙත් නෑ. මොකද පොලීසියේ විසි එක් දාහක් මදි. පොලිස් නිලධාරීන් ඇමැතිවරුන්ගේ ගෙදර. සමහරු ඔය නාවික හමුදාවේ නිලධාරීන් භාවිතා කළා නෝනගේ හැට්ටේ කටු ගහන්න.

එක ජනාධිපතිවරයෙක්ගේ ආරක්ෂාව සදහා වියදම් කරලා තියෙනවා අවුරුද්දකට මිලියන 700කි. පොලීසිය, හමුදාව, නාවික හමුදාව, එස්.ටී.එෆ්. දාස් ගානක්. ඔක්කෝම අයින් කළා. හැටයි. තව කෙදිරිගෑවොත් හැටත් අයින් කරනවා. හැට තියාගෙන ඉන්න මහත්තයෝ, මදි මදි කියලා කෙදිරි ගෑවොත් වෙන දේ කියන්නම්.