ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ වැල්ලවත්ත ගාලුපාරේ පිහිටි මහ සංඝ සභා ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති අතිපූජ්‍ය මාගල්ලේ නාගිත මහනාහිමියන් බැහැදැක්කා.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති නාහිමි, අමරපුර සද්ධම්මයුත්තික මාතර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය බැරගම විමලබුද්ධි නාහිමි, රත්මලාන ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය රත්මලානේ රාහුල නාහිමිඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියා.
මේ අතර අනුර කුමාර දිසානායකමහතා අද (17) පෙරවරුවේ බම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් Srī Mānika Vinayāgar කෝවිලේදී හින්දු පූජකතුමන්ලා හමුවී තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතාත් මෙම කටයුත්ත සඳහා එක්ව සිටියා.