අනුරගේ ආසාව රනිල් හෙළිකරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලංකාවේ සිට පිටත්ව යාමට අනුරාධපුර ගුවන් හමුදා කදවුර ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් බවට පත් කිරීමට කටයුතු කරනු ලැබුවේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් හැදීමට ජනාධිපතිවරයාට තිබූ ආසාව නිසා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ඒ නිසා එක දවසකට හෝ එම ගුවන්තොටුපොල ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් බවට පත් කළ බව ඔහු සදහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබද මෙසේ අදහස් දැක්වූවේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට උවමනා වුනා තමන්ගේ දිස්ත්‍රික්කයේ ගුවන් තොටුපොලක් හදන්න. එහෙම එකක් හදලා තියෙනවා. ඒක පාඩු ලබනවා. අනුර දිසානායක ජනාධිපතිතුමාට උවමනා වුනා එයාගේ දිස්ත්‍රික්කයේත් ඇති කරන්න. එක දවසකට හරි ඇති කරලා තියෙනවා. මට පේන්නේ ඒක. මගේ අදහස මම කියන්නේ.