ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපන් සංචාරය අතරවාරයේදී ජපන් යෙන් බිලියන 1.94ක පමණ ආධාර ලබාගැනීම් සදහා වන ගිවිසුම්වලට එළඹීමට නියමිත බව අනාවරණය වේ.
පශු සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය උදසේ යෙන් මිලියන 463ක් ලබාදීම සදහා වන ගිවිසුමකට එළඹීමට නියමිත අතර නාවික හමුදාවේ කටයුතු ශක්තිමත් කිරීම සදහා වන යෙන් මිලියන 500ක් ලබාදීම සදහා වන ගිවිසුමකට එළඹිමටද නියමිතය. ඒ අනුව පශු සම්පත් ක්ෂේත්රයේ වර්ධනය උදෙසා සත්ව ආරක්ෂණ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට තාක්ෂණය හා නවීන උපකරණ ලබාදීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවට නිරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීමට ඩ්‍රෝන යානා හා ආවේක්ෂණ කටයුතු සදහා අවශ්‍ය උපකරණ ලබාදීමට නියමිතව තිබේ.
ජපන් රජයේ නිල ආරාධනාවක් අනුව ලබන 26 වැනිදා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යයි.
මේ අතර පසුගිය සතියේදී ජපන් අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වුනේය. ජපන් අගමැති ශිගෙරු ඉෂිබා මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ වසරකටත් වඩා අඩු කාලයක් සිය ධූරයේ රාජකාරී කිරීමෙනි.