අනුර ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡාවක

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆුමී කැඩෝනෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (12) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

ඒ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී.

එහිදී ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් සිදුකර ඇති බව සඳහන් වනවා.

ඉදිරියට ද ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තුළ වන සූදානම පිළිබඳ එම නියෝජතයින් ජාතික ජන බලවේගය දැනුවත් කර ඇති බව සඳහන් වනවා.