අනුදි ගුණසේකරට අත්වූ ඉරණම

මේ වන විට ඉන්දියාවේ මේ වන විට පැවැත්වෙන මිස් වර්ල්ඩ් හි ආසියානු කලාපයේ පළමු දස දෙනා අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින අනුදි ගුණසේකරට පැමිණිමට නොහැකිවූවාය.

ආසියානු – ඔස්ටේ්‍රලියානු මහාද්වීප කලාපය, යුරෝපා මහාද්වීප කලාපය, අප්‍රිකානු මහාද්වීප කලාපය ආදී වශයෙන් මහාද්වීප කලාප වශයෙන් පළමු දස දෙනා බැගින් තෝරා ගනු ලැබුවේය.

ඒ අනුව ආසියානු සහ ඔස්ටේ්‍රලියානු කලාපයේ පළමු දස දෙනා අතරට ලංකාවේ අනුදි ගුණසේකර ඇතුළත්වූයේ නැත. .

ආසියානු කලාපය නියෝජනය කරමින් ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, තුර්කිය, ඔස්ටේ්‍රලියාව, ලෙබනන්, මැලේසියාව, නවසීලන්තය, පිලිපීනය, වියට්නාමය නියෝජනය කරමින් තරග වැදුන තරග කාරියන් ඇතුළත්වූවාය.