ඊයේ (11) සිදුවූ වෙඩි තැබීම් දෙක පිළිබඳ පුළුල් විමර්ශන එම ප්‍රදේශවලට ම ගොස් සිදු කරන බවත්, මෙවැනි අපරාධවලට ඒ අයට තේරෙන භාෂාවෙන් ම පිළිතුරු ලබා දෙන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
පිටකොටුව ප්‍රදේශයේ හරස් මාර්ගවල සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ.
එහි දී පොලිස්පතිවරයා කිසා සිටියේ, ඊයේ සිදු වූ වෙඩි තැබීම් දෙක පිළිබඳ විමර්ශනය කිරීමේ දී පැරණි කෝන්තරයක් මත සිදු වෙඩිතැබීමක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් තුළින් ඇති වූ සිදුවීමක ප්‍රතිඵලයක් බවත් විමර්ශනය කර ඇති බවයි.