සංවේදී වූ ජ්‍යෙෂ්ඨ පෙරපාසල් ගුරුවරියගේ ඉල්ලීමට එසැණින් මනූෂගෙන් ලැබුණු පිළිතුර

”අපිට නැතත් අනාගත පරපුර වෙනුවෙන් මේ දේ කරන්න” යනුවෙන් ජ්‍යෙෂ්ඨ පෙරපාසල් ගුරුවරියක් ඇමති මනුෂ ළඟ සංවේදී වුණා.

ඒ මඩකලපුවේදී ඊයේ (28) පැවති ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේදී.

එසේ සංවේදී වූ ජ්‍යෙෂ්ඨ පෙරපාසල් ගුරුවරියගේ කදුළු කතාවට පෙර පාසල් ගුරුවරුන්ගේ අනාගතය වෙනුවෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අපේ රටේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සිදුකළ දේ පිළිබඳව මෙලෙස හෙළිකළා .

”අපි මෙතුමියට ලොකු අත්පොළ සන්නාදයක් දෙමු,කොච්චර වැඩ කරපු අම්මා කෙනෙක්ද? මේ ප්‍රශ්න ටික තමයි හැමදාම තිබුණු ප්‍රශ්න ටික මේ ප්‍රශ්න ටික තමයි අපි අවබෝධ කරගත්තේ. මේ ප්‍රශ්නවලට කවදාවත් උත්තරයක් දුන්නේ නැහැ. මේ ප්‍රශ්න ටික දශක ගණනාවක් පෙර පාසල් ගුරුවරියන්ට තිබුණා. කවුරුවත් උත්තරයක් හෙව්වේ නැහැ. මේක ගැන හැමතිස්සෙම කතා කරන්න පටන් ගන්නේ ඡන්දෙ කාලෙට. ඡන්ද කාලය අවසානයට පෙර පාසල් ගුරුවරුන් රැස් කරලා, හරි අපි මේක කරල දෙන්නම් කියලා පොරොන්දු දීලා ඡන්ද ඉවර වුණාට පස්සේ පෙර පාසල් ගුරුවරියන්ව අමතක කරලා දානවා.

මේ අමාත්‍යංශය මම භාරගත්තේ මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. එතකොට ඡන්දයක් තියා රට ඉස්සරහට යනවද කියලවත් හිතා ගන්න බැරි තත්ත්වයක් තිබුන වෙලාවක්. ඒ වෙලාවෙදිත් මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා පටන්ගෙන තමයි මේ නීතිය වෙනස් කරලා ඔයාලව අවිධිමත් කියන තැනින් ගලවලා කම්කරු අමාත්‍යංශය යටතට අරගෙන ඕගොල්ලන්ගේ පඩි හදන්න ඊපීඑෆ් ඊට එෆ් හදන්න පටන් ගත්තෙ මීට අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා.මේ වැඩසටහන අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා පටන් ගෙන ඕගොල්ලෝ අර දැක්කෙ වීඩියෝ එකේ අදහස් පළ කරපු පෙර පාසල් ගුරුවරු විවිධ ක්ෂේත්‍රවල ඉලෙක්ට්‍රිශ්‍රයන්ස්ලා, බස් ඩ්‍රයිවර්ස්ලාගෙන් අදහස් අරගෙන තමයි මීට අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා මං මේක හැදුවේ.ඒ බස්නාහිර පළාතේ අයගෙන් ප්‍රශ්න අදහස් විමසලා.

එතන ඉඳන් වැඩසටහන් දහ නවයක, දිස්ත්‍රික්ක 19ක මේ ගැන විස්තර කරලා , ඕගොල්ලන්ගේත් සමහර අදහස් එකතු කරලා තමයි අපි මේ ඉස්සරහට ගෙනල්ලා දැන් අපිට පුලුවන් වෙලා තියෙන්නෙ නීතිය හදලා ඉවර කරලා, නීතිපති දෙපාර්තමේන්තුව දක්වා යන්න, ඕගොල්ලන්ගේ ඊපීඑෆ් ඊටීඑෆ් පෙන්ෂන් ස්කීම් එක හදලා කැබිනට් අනුමැතිය දක්වා යන්න,ඒ සේරම ටික අවසන් මොහොත දක්වාම ගෙනයන්න පුලුවන් වුණේ දැන් අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා පටන් ගත්ත වැඩපිළිවෙළ නිසා.

මෙතනට ඇවිත් සංවේදී වුණු අපේ ජ්‍යෙෂ්ඨ පෙර පාසල් ගුරුතුමියගේ කදුළු දැකලා මට දුකක් ඇතිවෙනවා, වේදනාවක් ඇතිවෙනවා වගේම මගේ හිත ඇතුළේ ලොකු සතුටක් ඇතිවුණා. ඇයි ඒ? ඒ ජ්‍යෙෂ්ඨ පෙරපාසල් ගුරුවරියගෙන් කියවෙච්ච වේදනාව හැමෝටම විශ්‍රාම යනකොට උරුම වෙන්න නොදී මට දැන් පුළුවන්කම ලැබිලා තියෙනවා තව මාස කිහිපයක් යනකොට මේ අනිත් අයට ඒ වේදනාව නැති කරන්න නීති හදන්න ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා පුළුවන් වුණා කියලා මම අද සතුටු වෙනව.

ඒක මේ රටේ පෙරපාසල් ගුරුවරියන්ට විතරක් නෙමෙයි සමස්ත වැඩ කරන ජනතාව වෙනුවෙන් , වෙනදා රාජ්‍ය සේවකයින්ටත් පෞද්ගලික අංශයේ සේවකයින්ටත් විතරයි විශ්‍රාම වැටුප් තිබුනේ. මෙතනින් පස්සේ මුළු රටේම සියලු දෙනාටම මුළු රටේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්‍රාම වැටුපක් ලබාදෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක මට පුළුවන් වුණා කියන සන්තෝෂය මට අන්තිමේට ඉතුරු වේවි.

හැබැයි මේ වැඩේ පටන් ගන්නකොට මේ වැඩේ විශ්‍රාම වැටුප ගැන එහෙමත් නැත්නම් මේ නීතිය වෙනස් කරන වැඩේ පටන් ගන්නකොට ඡන්දයක් එන්නවත් හිතුනෙ නෑ. ඡන්දෙ කාලෙකට බොහොම දුර කාලෙකදී පටන් ගත්තේ. හැබැයි ඉතින් දිස්ත්‍රික්ක විසිපහක යනකොට දවසින් දවස කාලය ගතවෙන කොට ස තව මාස තුන හතරකින් ඡන්දයක් එයි න් ඒක මම පටන් ගත්තේ චන්දයක් තියලා නෙවෙයි ට අවුරුදු එකහා මාරකට කලින් පටන් ගත්ත වැඩක් තමයි අද වෙනතුරු ඇවිල්ල තියෙන්නෙ ඒ නිසා අර පරණ ඡන්ද කාලෙට ආපු එකයි කත් චන්දයක් කිට්ටුවට වැටිච්ච එකයි අතරෙ වෙනසක් තියෙනවා කියන එකත් මතක තියාගන්න.

අපේ අර ජ්‍යෙෂ්ඨ පෙර පාසල් ගුරුතුමිය ඇවිල්ලා අන්තිමට කිව්වේ මට නැතත් කමක් නැහැ අනිත් අයට එහෙම වෙන්න දෙන්න එපා කියලා. ඇයගේ ඉල්ලීම අපි ඉෂ්ට කරනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!