ටයි­ටැ­නික් නටඹුන් නරඹන්න යන මීළඟ කෝටිපතියා

ටයි­ටන් නමින් හඳුන්වන කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින් ටයි­ටැ­නික් නෞකාවේ නටඹුන් නැර­ඹී­මට ගොස් බ්‍රිතාන්‍ය ජාතික කෝටි­ප­ති­යකු ඇතුළු පුද්ග­ල­යන් පස්දෙ­න­කුට ජීවිත අහි­මි වුණා.

එම ඛේද­වා­ච­ක­යෙන් වස­ර­කට පසු අමෙ­රි­කාවේ ප්‍රබල කෝටි­ප­ති­යකු මේ වන විට ටයි­ටැ­නික් නැවේ නටඹුන් ගවේ­ෂ­ණය කිරීමේ චාරි­කා­වක නිර­ත­වී­මට සූදා­න­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙ­රි­කාවේ දේපළ වෙළෙඳ සමා­ග­මක හිමි­ක­රු­වකු වන 74වන වියේ පසුවන ලැරී කෝනර් සහ ඔහුගේ සහා­යක පැට්‍රික් ලාහේ එම චාරි­කා­වට එක්වී­මට කට­යුතු කර­මින් සිටින බව එම වාර්තා සඳහන් කරනවා.

ඔහියෝ ප්‍රාන්ත වැසි­යකු වන මේ කෝටි­ප­තියා පසු­ගිය වසරේ නටඹුන් නැර­ඹී­මට ගොස් ජීවි­තය අහිමි කර­ගත් ඕෂ­න්ගේට් සමා­ගමේ හිමි­කරු වන ස්ටොක්ටන් රෂ් මෙන්ම ත්‍රාස­ජ­නක ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට ඇබ්බැහි වූවකු බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරනවා.

උතුරු අත්ලා­න්තික් සයුරේ අඩි 12,000කට වඩා යට මුහුදු පතුලේ තැන්පත් වී ඇති ටයි­ටැ­නික් නැවේ නටඹුන් මෙන්ම පසු­ගිය වස­රේදී මුහුද යටදී පිපිරී ගිය ටයි­ටන් සබ්මැ­රී­නයේ සුන්බුන්ද ගවේ­ෂ­ණය කිරීම ලැරී කෝනර්ගේ අර­මුණ වී තිබෙනවා.

ඔවුන්ගේ ගවේ­ෂණ චාරි­කාව සිදු කරන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් වැය කර තැනූ ට්‍රයි­ටොන් නමැති කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින්.

එම සබ්මැරීනයට අමෙ­රි­කාවේ සාගර ගවේ­ෂණ සහ­ති­කය ලැබී­මෙන් පසු චාරි­කාව ආරම්භ කරන බව එහි සඳහන් වනවා.

පෞද්ග­ලික ගග­න­ගා­මි­යකු ලෙස නාසා ආය­ත­නයේ සහ­ති­ක­ලත් මේ කෝටි­ප­තියා මීට පෙර අභ්‍ය­ව­කාශ නැව­තුම් මධ්‍ය­ස්ථා­න­යට ද ගොස් ඇති අතර, පැසි­ෆික් සයුරේ අඩි 20,000ක් ගැඹු­රට කිමි­දී­මට සමත්වූ පුද්ග­ල­ක් බව විදෙස් වාර්තා පවසනවා.

එසේම එම පුද්ගලයා මෝටර් රථ තර­ග­ව­ලට ද ඉදි­රි­පත් වී ඇති බව සඳහන් වනවා.