නිපා වෛරසයෙන් තවත් ඉන්දියානුවෙක් මරුට

නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දී මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එළෙසට මියගියේ වයස අවුරුදු 24 කවන උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්.

පසුගිය 04 වනදා එම තරුණායට ඇති වූ උණ ගතියක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු වී තිබෙනවා.

ඔහු මලප්පුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව සෞඛ්‍ය අංශ පැවසුවා.

එම තරුණයා ගේ සමීපතමයින් 151 දෙනෙක් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මෙම මරණය මලප්පුරම් ප්‍රදේශයෙන් මෙම වසරේ වාර්තා වූ දෙවැනි නිපා මරණය වන අතර පසුගිය ජූලි මාසයේදී 14 හැවිරිදි පාසල් සිසුවෙක්ද මරණයට පත්වුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය ගැන අනතුරු අඟවා ඇති අතර ඉන් වැළකීමට එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නොමැති බවද වාර්තා වනවා.

නිපා වෛරසය වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් පැතිරෙන බවට හඳුනාගෙන තිබෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!