LPL කණ්ඩායම් හිමිකරුවෙකු අත්අඩංගුවට – රටින් පියව යාමටත් බැරි වෙන ලකුණු

ඉදිරියේදී ආරම්භවීමට නියමිත LPL ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම් සඳහා යෝජනා කිරීමට ඊයේ (21) පැවති ක්‍රීඩක වෙන්දේසියට පැමිණි Dambulla Thunders කණ්ඩායමේ තමීම් රහමන් නම් පුද්ගලයාව කටුනායක ගුවන් තොටුපලේ අපරාධ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයෙකු බව හඳුනාගත් පොලීසිය, ඔහු බංග්ලාදේශය බලා පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයාට එරෙහිව ලැබී තිබූ පැමිණිල්ලක් අනුව ඔහුට ලංකාවෙන් පිටවීම තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා ගුවන්තොටුපළ පොලීසිය විසින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය වෙත භාරදීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!