දේශබන්දු තෙන්නකොන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (24) යළි සලකා බැලුනා.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට මෙහිදී නියෝග කෙරුණා .