ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ගැන පැහැදිලි කිරීමක්

ජන අරගල සන්ධානය විසින් ප්‍රකාශිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පැහැදිලි කිරීම පිලිබඳ විශේෂ මාධ්‍ය හමුවක්,

අද (26) දහවල් 1.00ට මරදානේ CSR ශාලාවේදී පවත්වා තිබුණා.

එහිදී ජන අරගල සන්ධානය නියෝජනය කරමින් ලහිරු වීරසේකර,වසන්ත මුදලිගේ, කුමාර ලංකාපේලි, සංඛ ජයසේකර, නූර් මොරීන්, දුමින්ද නාගමුව හා තරිඳු උඩුවරගෙදර යන සහෝදර සහෝදරියන් අදහස් දැක්වූවා.

එහිදී අදහස් දැක්වූ වසන්ත මුදලිගේ සඳහන් කළේ ,

”මැතිවරන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඇකිලීමට ආන්ඩුව කරපු කුමන්ත්‍රන පරාජය කර තිබෙනවා.ජන අරගල සන්ධානය ඉදිරි ජනපතිවරනයට අපේක්ෂතයෙක් ඉදිරිපත් වෙනවා. රට මේ වන විට තියෙන ආර්තික පීඩනයක. ජීවත් වෙන විදිය හැමෝටම ප්‍රශ්නයක.හැව අපේක්ෂකයෙක්ගෙම අරමුන වෙන්නෙ ණය අරගෙන මේ ආර්තික ප්‍රශ්නය ගොඩ දැමීම. එමගින් නැවත රට ණය උගුලට තල්ලුවීම.අලුත්ම ප්‍රශ්නය පොලිස් කෝලම. මේ පොලිස්පති පත් කරල තියෙන්නෙම අධිකරනයෙන් වරදකරුවෙකු විදියට. රැඳවියෙකුට වධ හින්සා පැමිනවීම පිලිබඳව.
සියලු චෝදනාවන්ට රනිල් එයාගෙ චන්ඩිපාට් දාල දෙශබන්දුව පොලිස්පති පුටුවේ ඉන්දෙවුවා.අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරනවා පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු වරප්‍රසාද අව භාවිතා කරලා.කතානායක කියනවා හෘද සාක්ෂියට අනුව දේශබන්දුව පොලිස්පති කිරීම නිවැරදි බව.ජනාධිපති දිනය දීල විනාඩි 40ක් ඇතුලත ඇප මුදල් තැම්පත් කෙරුවා. ඊට පසුව ලිපියක් යවමින් කතානායකට කියනවා වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරන්න බැහැ මොකද ඔහු අපේක්ෂකයෙක් නිසා කියල.ජන අරගල සන්ධානයත් එක්ක එකතු වෙමු කියන යෝජනාව” යනුවෙනි.

නූර් මොරීන් අදහස් දක්වමින් සඳහන් කළේ ,

”දේශබන්දු තෙන්නකෝවම මේ පුටුවෙ වාඩි කරන එක තමා මේ හැමෝගෙම උවමනාව.එයා බෝදිසත්වයෙක් නෙමේ. ගම්බටිටෙක්ටවත් සුදුසු කෙනෙක් නෙමේ. අරගලය. අරලිය ගහ මන්දිය ඉදිරිපිට අරගලයට ගහනකොට දේශබන්දු තෙන්නකෝන් බලාගෙන හිටියා.අවුරුදු 75ක්ම වෙන්නෙ අසාධාරනය. කෝරු මෝරු අතඇරලා හාල්මැස්සො අල්ලනවා.
ඇඟිලි දෙකක පාවිච්චි කරල ගන්ජා බෑග්වලට දාල ආපහු ගල්නවා. ඊට පස්සෙ ඒ අයව අත්අඩංගුවට ගන්නවා. පාස්කු ප්‍රහාරයටත් සම්බන්දකම් තියෙන මේ මනුස්සයව මුලු පාර්ලිමේන්තුව මෙයාව ආරක්ෂා කරනවා.ඡන්දය අමතක කරල දාන්න
අධිකරනයෙන් දීපු අතුරු තහනම පාර්ලිමේන්තුව ඇතුලෙ අභියෝග කරන්න මොකක්ද ඒ අයට තියෙන අයිතිය. ඡන්දෙන් පරදියි කියන බයට.දේශබන්දු තෙන්නකෝන් පිලිබඳ ප්‍රශ්නෙ ජනාධිපතිවරනය කල්දාන්න ගහන ගේමක්.
අපි හැමෝම ජන අරගල සන්ධානය සමග එකතු වෙන්න ඕනා වෙලාවක් මේක.අපේ දරුවන්ට කනින වේලි දෙකයි ඉසිකෝලෙ යනිනෙ සෙරෙප්පු දාගෙන” යනුවෙනි.

ලහිරු වීරසේකර අදහස් දක්වමින් පැවසුවේ,

”රනිල් රාජපක්ෂ විසින් පත් කරපඅ පොලිස්පති එ අය පිලිගත්තට අනිත් කවුරුත් පිලිගත්තෙ නැහැ. දේශබනිදු තෙන්නකෝන් අධිකරනයෙන් වැරදිකරඅවෙකු වූබව නොදැන වගේ ජනාධිපති කතානායත ලවුවා මොහෞව පොලිස්පති කරනවා.තමන් අත්අඩංගුවට ගන්න මිනිහෙක්ගෙ ලිංගික අවයව වල සිදධාලේප ගාපු කෙනෙක් තමයි ඔය දේශබන්දු. රනිල් මේ පයින්ගහන්නෙ ජනතාවට. තව දුරටත් මේ ප්‍රශ්න අර්බුද ව්‍යාකූල කරන්න ව්‍යවස්තාවෙ ජනාධිපති ධූර කාලය මතක් වෙලා ඒක වෙනස් කරන්න හදනවාඅපි ජනතාවට කියන්නෙ මේ සියල්ල හොඳින් අධ්‍යනය කරන්න කියලමේ දේවල් ඉදිරියටත් වෙන්න නියමිතයි.මේ ව්‍යවස්තාවට පුලුවන්නම් බලපෑම් කරන්න ප්‍රජාතන්ත්‍රවාදයට මේ නීති වලට පුලඅවන්නම් අභියෝග කරන්න .නරුම දේශබන්දු ආරක්ෂා කරන්න ඊනියා වීරයො කට අරිනවා” යනුවෙනි.

දුමින්ක නාගමුව අදහස් දක්වමින් පැවසුවේ ,

”සංගනකය හා තුලනය විධායකය අධිකරනය හා ව්‍යවස්තාදායකය. රනිල් කරන්නේ මේ සියල්ලටම පයින් ගහන එක.මේ බල කනු 3 තම තමනි ඇන කොටාගන්න තතිවෙකට ගෙනත් තියෙනවා.අගමැති කියල තියෙනවා අධිකරන නියෝගය තමන් පිලිගනිනෙ නැහැ කියල.මේ නිසා තමයි අරගලයේ යෝජනාවක් තියෙනිනෙ තමන්ගෙ පරමාදිපත්‍යය ක්‍රියාතිමක වෙනිනෙ නැත්තන් නැවත කැඳවීමේ බලය.ජන සහභාගී දේශපාලනයක අවශ්‍යතාවය.අපි කියනවා ඔය වීරයින්ට ඇවිත් ඔය කතාව එලියෙ කියන්න කියල.නිල ඇඳඅම ඇඳලා ඔහඅ යම් ලේඛනයකට අත්සන් කලොත් ඒක අධිකරනයට අපහස කිරීමක් ලෙස අපි අධිකරනය ඉදිරියට අරගෙන යනවා.කනඒවා දිරවන්න ගියාම මෙි අයට ගොඩක් අමාරු වෙනවා.මේගොල්ලො ඡනිදෙ කරන්න සැලසුම් කල සැලසුම්‍රෙ එක ඉත්තෙක් තමා දේශබන්දු. එයාව පුටුවෙන් ගැලෙවුවාම සැලසුමේ එක නලුවෙක් නැහැ. ඒකයි මේ දඟලනිනෙ මේ අය.” යනුවෙනි.

එසේම තරිඳු උඩුවරගෙදර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

”ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුවක් අභියෝගයට ලක්කරන්න බැහැ.ජනතාව තමයි ගිහින් මේ නියෝගය ලබාගත්තෙ.ජනාධිපතිගේ යෝජනාව නීතිවිරෝදී හා මේ පත්වීම අනුමත කිරීම නීතිවිරෝදී කියන එක තමයි අධිකරනයෙන් ඉල්ලා සිටියේසතියකට සැරයක් පොලිස්පති පත්කරන්න බැහැ ඒ නිසා මං පත්කරන්නෙ නැහැ. නීතියට අනුව දවස් 14කට නොඅඩු පොප කෙනෙක් පත් කරන්න පුලඅවන්‍ර.රනිල් කියනවා එයාට වැඩ බලන පොප කෙනෙක් පත් කරන්න බැහැ කියල. අපි දිගටම කියන්නෙ රනිල්ට බැහැ කියල තමයි.ඡන්දෙ එන තුරු බලා නොයිඳ සටන් කල යුතු මොහොතේ සටන් කල යුතුයි කියන එක.ගොවි බිම වැඩබිම මුහුද විවි භූමිය අධිකරනය අරගල බිමක් බවට අපි පත් කරගත යුතුයි.මැතිවරනය කඩාකප්පල් කිරීමට ඔවඅන් මේ පොලිස්පති ගැටලුව භාවිතා කරනවා.ඔවුන්ට පොලිසිය ඕනනෙ හෙට අපි පාරට බැස්සත් ඒ ගොල්ලන්ට පොලිසිය ඕනා.ජන අරගල ව්‍යාපාරය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනවා. ඒ තුල ජනතාවගේ අභිලාශයන් ඇතුලත් වෙනවා. ඒක හැදුනේ ජනතාවගේ අරගල වලින්. අපි මැතිවරනය වෙනකන් ඉන්නෙ නැතුව අරගලය කැඳවන වෙලාවට අරගල කරනවා.” යනුවෙනි.

කුමාර ලංකාපේලි අදහස් දක්වමින් පවසා සිටියේ,

” ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරනය අතර තද බෙදීමක් ඇතිකරනවා.ව්‍යවස්ථාදායකයයි විධායකයයි එකතු වෙලා අධිකරනය අභියෝගයට ලක්වෙනවා.රනිල් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයේ සභාපති. නමුත් කරන්නෙම ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩ.පොලීසියට බැදෙන්න අපරාධ චෝදනාවට ලක්වන කෙනෙක්ට බැහැ. එහෙම තත්ත්වයකදී තමයි දේශබන්දඅව පොලිස්පති කරන්න හදනිනෙ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයේ සභාපති.ජනාධිපතිවරනය කල්දාන්න උප්පරවැට්ටි ගනනාවක් කරල ඒ ඔකිකොම පරාජයට පත්වූ පසු දැන් පොලිස්පති සාධකය අරගෙන තියෙනවා.
ව්‍යවස්තාදායකය හා විධායකය කරන මේ අනීතික ක්‍රීයා පිලිබඳ ජනතාව අවදියෙන් සිටිය යුතුයි.ජන අරගල සන්ධානය ජනතාව නියෝජනය කරන පුද්ගලයෙක් ඉදිරිපත් කිරීමට තීරනය කරල තියෙනවාජනාධිපති කතානායක ඇතුලු පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන් දරන උත්සහය පරාජය කල යුතු අතර ඒ සඳහා ජන අරගල සන්ධානය ඉදිරිපත් වෙනවා” යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!