හිරුණිකාගෙන් මහාධිකරණයට අභියාචනයක්

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා තිබෙනවා.

අදාළ ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!