හදිසියේ ඇතිවන ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත්වූවන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට සහ පහසුකම් සැලසීමට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කටයුතු සලස්වා දී තිබෙනවා.
මේ වන විට දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති වන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීමට පොලීසිය විසින් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක යාවත්කාලීන කර තිබෙනවා.
ඊයේ (02) පස්වරු 06 සිට පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුණා.
පොලිස් මුලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන අතර හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම මෙමඟින් සිදුකෙරෙනවා.
ඒ අනුව 011 2 42 18 20 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකියි.
එමෙන්ම යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්කදු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය මාර්ග හා මහාමාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන ලෙස මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙනවා.
ඊට අදාළව වහාම ක්‍රියාත්මක වීමේ සියලු බලතල ප්‍රදේශීය ඉංජිනේරුවන් වෙත පවරා ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.