කෙහෙළිය ඉදිරිපත්කළ පෙත්සමට අභියාචනාධිකරණයෙන් නිවේදනයක්

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ.

තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්කරන බවත් අධිකරණය නිවේදනය කළේය.

මෙම නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා.