ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක්- අලි සබ්‍රි

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමග ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සඳහන් කරනවා.

එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමටත් මෙම තත්ත්වය ඉවහල් වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ අදහස් පළකලා.

” සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙනවා. එසේම දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%ක් දක්වා අඩු කර ගත යුතුයි” .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!