ISIS සබඳතා සොයද්දී ‘මාට්ටු වුණු’ ලංකාවේ අයියා මලෝ

ISIS ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බවට කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේ යැයි කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු හලාවත ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත්වුණු එක් සහෝදරයකු පිට පළාතක ධීවර වරායක හා අනෙක් සහෝදරයා කොළඹ කන්ටේනර් අංගනයක සේවය කරන බවට තොරතුරු වාර්තා වනවා.

ISIS ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් බව කියමින් ඉන්දියාවේ දී එරට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිවු දෙනා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වුවා.

එහිදී අනාවරණය වූ තොරතුරු මත මෙම සහෝදරයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් මෙම සහෝදරයන් දෙදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

මෙම සහෝදරයන් දෙදෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින මවගේ නිවෙසේ සිටියදී කොළඹින් ගිය විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!