ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි

ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් එකිනෙක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ලොව අතිශය කාර්යබහුල බවට සැලකෙන ඇට්ලන්ටා හි හාට්ස්ෆීල්ඩ් ජැක්සන් ගුවන් තොටුපොළේදි මෙම අනතුර සිදුව තිබෙනවා.

එයාර්බස් A- 350 යානාව සහ එම ගුවන් සමාගමේම CRJ -900 යන ගුවන් යානා දෙකයි මෙළෙස එකිනෙක් ගැටී තිබුණේ.

අනතුරින් කිසිවෙකුත් තුවාල ලබා නොමැති අතර ගුවන් ගමනක් සඳහා ප්‍රවේශ කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබුණේ.

අනතුරින් CRJ -900 යානාවේ තිරස් සහ සිරස් ස්ථායිකාරක ( Vertical and Horizontal Stabilizer ) එම යානාවෙන් වෙන් වී ගොස් තිබෙනවා.