ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇත.
යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 (මීටර් 190)ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී තිබේ.
‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 240කට වැඩි පිරිසක් සිට ඇති බව සඳහන්.
එම අනතුර පහතින් නැරඹිය හැකියි.