වෑන් රථයකින් පැහැරගෙන ගිය සිසුවිය ඊයේ රෑ ලැගුම්හලක – අද සැප බසයක(VIDEO)

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවියව අද (13) උදෑසන අම්පාර බස්නැවතුම් පොළේ දී මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක සිටිය දී සොයාගෙන තිබෙනවා.

පැහැරගැනීම සිදුකළ පුද්ගලයා හා අදාළ පාසල් සිසුවිය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබුණා.

තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණියගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ..

මේ පිළිබඳව සියලු තොරතුරු පහතින් නැරඹිය හැකියි.