රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත ඒ.එච්.එම්.එච්. අබයරත්න හැදින්වීමට මහාචාර්ය යනුවෙන් සදහන් කර තිබුණත් ඉදිරියේදී අමාත්‍යවරයා ආචාර්ය ලෙස හදුන්වන ලෙසට අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කර තිබේ.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින්, අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන්ට සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව මේ බව දැනුම්දී තිබේ.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබූ LAD/EST/GA20/MIN/001 ලිපිය මගින් මෙසේ ඇමැතිවරයා මහාචාර්ය ලෙස නොව ආචාර්ය ලෙස හැදින්විය යුතු බවට දැනුම්දී ඇත.
මෙතෙක් කල් අමාත්‍යාංශයේ කටයුතුවලදී ඇමැතිවරයා මහාචාර්ය ලෙස හදුන්වා දී තිබේ. අමාත්‍යෘංශ වෙබ් අඩවියේද ඔහුගේ නම සදහන් කර තිබුණේ මහාචාර්ය ලෙසය.
අමාත්‍යවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිවීමෙන් පසුව මෙසේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ නම මහාචාර්ය ලෙස නොව ආචාර්ය ලෙස හැදින් විය යුතු බව සදහන් කර තිබේ.ජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.