අදානිගේ සුලං මිලේ අඩුවක් නෑ – නිවේදනයකින්ම කියයි

ඉන්දියාවේ අදානි ව්‍යාපාරය ලංකාවේ සුලං විදුලි බල නිශ්පාදනයට එක්වන්නේ නම් ඇති කරගත් මුල් එකගතාවයන් එලෙසම ක්‍රියාත්මක කරන බව එම සමාගම සදහන් කරයි.

අදානි සමාගම මන්නාරමේ සුලං විදුලි බලාගාර ඉදිකිරීමට සූදානමින් සිටි අතර ඒ අනුව කිලෝවොට් පැයක් සදහා ඇමරිකානු ඩොලර් 8.26ක් ගෙවීමට රජය සමග එකගවී තිබුණි. පසව අදානි සමාගම එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිවේදනය කළේය.

කෙසේ වෙතත් මිල ගණන් අඩු කිරීමට අදානි සමාගම එකගතාවය පළ කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වන අතර එයට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය මෙසේය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදු කරන ලදැයි කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන කටකතා Adani Green Energy SL Ltd. සමාගම තරයේ ප්‍රතික්ෂේප කරයි. කිලෝවොට් පැයකට ශත 7 දක්වා මිල සංශෝධනය කිරීමට අප එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා වේ.

ගිවිසුම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඇති කරගත් ගිවිසුමේ මුල් එකඟතාවන්ට අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, Adani Green Energy SL Ltd හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති පරාමිතීන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ද වැඩි දුරටත් දන්වා සිටින්නෙමු.

යෝජිත සුළං බල ව්‍යාපෘතියෙන් සමාගම ගෞරවාන්විතව ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය කවදා හෝ නැවත සලකා බැලීමක් සිදු කළ හොත්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටින බව ද අදානි සමූහය නැවතත් තහවුරු කරයි.