ඊශ්‍රායලය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරනවා.
ශ්‍රී ලාංකිකයින් 11,500ක පමණ පිරිසක් ඊශ්‍රායලයේ සේවය කරන අතර ඉන් 70%ක් පමණ නිවෙස්වල සේවය කරන අතර 15%ක් පමණ කෘෂිකර්ම, වැඩබිම්වලත් සෙසු පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවලත් සේවයේ නිරතව සිටිනවා.
ඊශ්‍රායලයේ ලෙබනන් මායිම හරහා විටින්විට ෂෙල් ප්‍රහාර වාර්තා වීම හේතුවෙන් එම කලාපයේ සිටි ඊශ්‍රායල ජාතිකයන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති අතර එම පවුල් සමග සිටි ශ්‍රී ලාංකිකයන්ද ඔවුන් සමග නව ස්ථානවලට ගොස් ඇති බැවින් ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් මතු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ගාසා තීරය ආසන්නයේ ජීවත්වූ බොහෝ පවුල් ඉන් ඉවත්කර තාවකාලිකව හෝටල්වල නවාතැන් සපයා ඇති බව පෙන්වාදෙන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ගාසා තීරයෙන් එල්ලවන බොහෝ ප්‍රහාර මේ වනවිට නතරවී ඇති බවද සඳහන් කර සිටියා.