ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේදී අද (26) උදෑසන පුද්ගලයෙක් ගැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව ඇල්ල පොලීසිය පවසනවා.

එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රබර්වත්ත කොටස ගවරවෙල දෙමෝදර ලිපිනයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඇල්ල පොලීසිය විසින් සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!