විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන නිල්මිණි ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 1,689,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරි පත් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව මෙම සැකකාරියව ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ කාන්තාවට එල්ලවී ඇති චෝදනාව වන්නේ කාර්යාංශ පනත උල්ලංඝනය කිරීමයි.

සැකකාරිය අද (13) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!