හූති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලයට එරෙහිව මෙහෙයුමක් දියත් කිරීමට සුදානම් බව පවසමින් යේමන්යේ හූති කැරලිකරුවන් විසින් තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ යේමනයේ හූති කැරලිකරුවන්ගේ නායකයා විසින්.

” ඊශ්‍රායල් සතුරාට එරෙහි ප්‍රතිචාරයක් සඳහා අප දිගින් දිගටම සූදානමින් සිටින අතර අපේ සතුරා පුදුමයට පත් කිරීමට අප සුදානම්” බවයි හුති නායක අබ්දෙල්-මලෙක් අල්-හූති පවසා තිබෙන්නේ.

පසුගිය සතියේදී ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද හුති නායකයා සතුට පල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

මේ අතර අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය සඳහන් කළේ ඊශ්‍රායලයට එරෙහිව පවතින තර්ජනයන් තවමත් අවසන් නොමැති බවයි.

ඊශ්‍රායලයට එරෙහිව ඉරාන ප්‍රහාරයක් සිදුවනු ඇතැයි තවමත් විශ්වාස කරන්නේ දැයි පෙන්ටගනයේ මාධ්‍ය ලේකම්, මේජර් ජෙනරාල් පැට් රයිඩර් ගෙන් මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.