පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට තර්ජනාත්මක ඇමතුමක්

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතාට තර්ජනාත්මක ඇමතුම් දෙකක් ලැබී ඇති බවට මහනුවර මූලස්ථාන පොලිසීයට පැමිනිල්ලක් ලැබී තිබෙනවා.

අද අලුයම 12.30ට පමණ එම ඇමතුම් ලැබුණු බවටයි ඒ මහතා පොලිසිය හමුවේ පවසා තිබෙන්නේ.

කාන්තාවක් විසින් ඒ ආකාරයට තමාට තර්ජනය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතාට පවසන්නේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!