නේපාලයේ බිහිසුණු ගුවන් අනතුරක්- අනතුර සිදුවන මොහොතේ මගීන් 19ක් ඇතුළේ

නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද (24) පෙරවරුවේ ගුවන් යානයක් කඩා වැටී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

එසේ කඩා වැටී ඇත්තේ සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වන අතර එහි මගීන් 19 දෙනෙකු සිට ඇති බව සඳහන් වනවා.

එම ගුවන්යානය සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට Pokhara බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදීයී එලෙස කඩා වැටී ඇත්තේ.

මියගිය 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර සහන කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයේ පරීක්ෂණ කටයුතු අරඹා තිබෙනවා.

මේ අතර ගුවන්තොටුපොළේ ආරක්ෂක ප්‍රධානී චාන්ඩ් තකූරී රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ ගුවන් යානයේ සේවක මණ්ඩලයේ දෙදෙනෙක් සහ කාර්මික අංශ සේවකයින් 17 දෙනෙක් ගමන්කළ බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!