ඡන්දය භාවිත කිරීමට හැඳුනුම්පතක් නැති ඔබට තාවකාලික හැඳුනුම්පතක් – කැෆේ සංවිධානය

2024 ජනාධිපතිවරණයේදීත් මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ දැනුම් දීමට අනුව ඔබේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය වන බව කැෆේ සංවිධානය නිවේදනය කරනවා.

එසේ නොමැති ඕනෑම අයෙකුට තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී තාවකාලික හැදුනුම්පතක් ලබා ගැනීමට හැකි බවයි එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ සංවිධානය පසුගිය මැතිවරණ නිරීක්ෂණයන්ට අනුව ඇතැම් පිරිස් රියදුරු බලපත්‍ර, ගුවන් ගමන් බලපත්‍ර රැගෙන එන අවස්ථාවේ ඒවා කල් ඉකුත් වී ඇති නිසා ඡන්දය භාවිත කිරීමට නොහැකි වු අවස්ථා තිබූ බව පවසනවා.

එසේම ජාතික හැදුනුම්පතේ ඡායාරූපය අපැහැදිලිකම, නම අපැහැදිලි වීම සහ ජාතික හැදුනුම්පත් අංකය අපැහැදිලිකම නිසා තමන්ට ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ අවස්ථාද නිරීක්ෂණය විය.

මේ නිසා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර කිරීමට පැහැදිලි ජාතික හැදුනුම්පතක් නොමැති නම් හෝ අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිදු ලියවිල්ලක් නොමැති නම් කල්වේලා ඇතිව ගොස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හරහා තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට කටයුතු කර තමන්ගේ ඡන්ද අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙස කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය අවධාරණය කර සිටිනවා.

ඊට අදාළ නිවේදනය පහතින්,