ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (03) දහවල් වව්නියාවේ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට හැකිව තිබෙනවා.

පසුගිය 29 වනදා පුවරසන්කුලම් පොලිස් වසමේ පරණ කට්පගපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මාන්කුලම් පොලිස් වසමේ මාන්කුලම් හන්දියේදීයි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29ක් වයස වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුවරසන්කුලම පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.