ඕස්ට්‍රේලියාවේ කාන්තරයකින් හමුවුණු ඇස් නැති අමුතු සතා

ඕස්ට්‍රේලියාවේ පිටිසර බද ප්‍රදේශයකින් අතිශය දුර්ලභ අන්ධ, රන්පැහැ ලෝම සහිත මෝල් සත්ත්වයෙකු සොයාගෙන තිබෙනවා.

මෝල් කියන්නේ ගිනිපිග් සතුන්ට සමීප නෑකමක් දක්වන ක්ෂීරපායි සත්ත්ව විශේෂයක්.

බොහෝවේලාවට ‘මෝල් රැට්’ ලෙසත් මෙම සත්ත්ව විශේෂය හඳුන්වනවා.

මේ සත්ත්ව විශේෂය අමෙරිකාව, යුරෝපය , ආසියාව ආදී මහද්වීපවලින් වැඩි වශයෙන් ජීවත්වන බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියානු පිටිසරබද ප්‍රදේශයකින් හමුවුණු මේ සත්ත්ව විශේෂය, උතුරු මෝල් පැසිපොව්වන් එහෙමත් නැත්නම් කකර්රතුල් ලෙසත් හඳුන්වනවා.

එම සතුන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉතා දුරස්ථ ප්‍රදේශයක.

අල්ලක ප්‍රමාණය ඇති මේ සත්ත්වයාට රන්වන් පැහැ සේද වැනි ලෝම තිබුණත් ඇස් තිබී නැහැ.

ගොරෝසු වලිගයක් ,ඇඟිලි එකිනෙක හා යාවුණු දෑත් දක්නට ලැබී තිබෙනවා.

උතුරු මෝල් පැසිපොව්වන් දැකීම සාමාන්‍යයෙන් සිදුවන්නේ සෑම දශකයකටම කිහිප වතාවක් විතරයි.

පර්ත් සිට කිලෝමීටර් 1,500ක් පමණ දුරින් පිහිටි කන්යර්නින්ප ජුකුර්පා මාටු මහා වැලි කාන්තාරයේ වැඩ කරමින් සිටි, සංස්කෘතික හා දේශීය දැනුම භාවිත කරන ආදිවාසී නිලධාරීන් පිරිසක් තමයිමේ සතාව දැකලා තියෙන්නේ.

මෙම ජීවීන් කෙතරම් දුර්ලභද කියනවනම් , ඔවුන්ගේ පැවැත්ම බොහෝ මිනිසුන්ට අභිරහසක්ව කියලා කාන්තාර වනජීවී සත්ත්වවේදීයෙක් වන ගැරත් කැට් පවසනවා.

වළවල්වල ජීවත්වන මෙම සතුන් හුදකලා කාන්තාරවල ,කඳු වැටි තුළ ජීවත් වෙනවා

ඒවගේම ඔවුන් මතුපිට ගත කරන්නේ ඉතා සුළු කාලයක්.