ණය කළමනාකරණය කරමින් ඉදිරියට යන ශ්‍රී ලංකාවක් – ජනපති

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප්‍රිකාවේ අඩුආදායම්ලාභී රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එලෙසම ශ්‍රී ලංකාවට එවැනි සහනයක් අවශ්‍ය නොවන බව හා ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!