දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල ප්‍රදේශයෙන්ද වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

වෙඩිපහරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක්වන පුද්ගලයෙක් වන අතර තුවාලකරු මේ වනවිට රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!