අමෙරිකාවේ නිව්යෝර්ක්හි නගරයේ රොචෙස්ටර් නගරයේ සිදුවූ වෙඩිතැබිමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ නිව්යෝර්ක්හි රොචෙස්ටර් නගරයේ පිහිටි මේපල්වූඩ් නමින් හැඳින්වෙන උද්‍යානයක බවයි වාර්තා වන්නේ.
වෙඩිවැදිමෙන් මියගිය පුද්ගලයා 20 වන වියේ පසුවන අයෙක් වන අතර තුවාල ලැබු එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වනවා.
අදාළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ෂණ ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.