රාජ්‍ය හා පෞද්ගලික කර්මාන්තශාලාවල සෞඛ්‍ය ගැන භයානක අනාවරණයක්

රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

දැඩි අවධානම් සහිත බවට හඳුනාගත් ප්‍රදේශවලට විශේෂ කීට විද්‍යා සමීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළා.

එසේම ඒ සම්බන්ධයෙන් නජිත් සුමනසේන මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවැනි අවධානම් තත්ත්වයන් සහිත ප්‍රදේශවලට කීට මර්දන නිලධාරීන් 60ක් පමණ මේ වනවිට යෙදවා ඇති බවයි.