රුසියාවේ තානාපති තනතුරට නව නිලධාරියෙක්

දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබෙනවා.

නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙලෙස ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ තානාපතිවරයෙකු නොමැති වීම කාර්ය පටිපාටිය අනුව පවතින ප්‍රමාදයක් බවයි.

එම නිසා රුසියාවේ පවතින තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එහි කටයුතු අධීක්ෂණය කිරීමට යොමු කෙරෙනවා.

දැනට තානාපතිවරයෙකු නොමැති වීම විශාල ගැටලුවක් නොවන බව සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යංශය විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු රුසියාවේ රැඳී සිටින බවත් සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!