කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමග කුකුළේ ගඟ ජලාශය මේ වනවිට තත්පරයට ඝණ මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග ඉන්ජිනේරු (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ජී.ඩබ්.ඒ. සකුරා දිල්තාරා මහත්මිය මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ දැක්වෙන්නේ ගතවූ පැය 24 තුළ ලැබුණු අධික වර්ෂාපතනයත් සමග කළු ගඟෙහි ජල මට්ටම් සැලකියයුතු ලෙසින් ඉහළ යමින් පවතින බවයි.