ඉදිරි පැය 24 භයානකකම ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විදයා වදපාර්තවම්න්තතුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීවම් මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

අද (24) අලුයම 3ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනවා.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං තත්ත්වයක් පැවතිය හැකි අතර මුහුද ඉතා රළුවන බව එම නිවේදනයේ සඳහන් වනවා.

ඉහත සිතියමේ රතු වර්ණයෙන් දැක්වෙන මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසටයි ධීවරයින්ට හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දෙන්නේ.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.