මුහුදු යන්න එපා – කාලගුණයෙන් රතු නිවේදනයක්

සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු අක්ෂාංශ 06 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 70 ත් යන ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතින බවයි.

එම නිසා අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එම නිවේදනය පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!