ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24ක කාලය සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

අද (17) පස්වරු 1.00ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගුව බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසටයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලනවා.

මේ අතර ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ නිවේදනය පහතින්,