ජනපති අපේක්ෂකයින්ට GMOA එකෙන් යෝජනාවලියක්

ජනාධිපති අපේක්ෂකයින් හට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බවයි එම සංගමය පවසන්නේ.

මේ වනවිට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය , වෛද්‍ය අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බවත්, එම තත්ත්වයන් මඟහරවා ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කරන ලෙසයි යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ඉල්ලා සිටින්නේ.