ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා රජයෙන් ප්‍රකාශිත මිලක්

තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තෝරා ගත් ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු ගත මිල ගණන් අධ්‍යයනය කර සතිපතා ක්‍රියාත්මක කරන බව රජය පවසනවා.

මේ වන විට රුපියල ශක්තිමත් වෙමින් තිබුණත් ආහාර මිලේ අඩුවක් දක්නට නොලැබෙන නිසා මෙම පියවර ගන්නා බව රජය ප්‍රකාශ කරනවා.

ඒ අනුව තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නවයකට අදාළව ප්‍රකාශිත මිල ගණන් පිළිබඳව වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට යොමුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!