කළුතර දකුණ තැපැල් කාර්යාලයේ සේවය කරන තැපැල්කරුවෙකුට ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි අවස්ථාවේදී පහරදුන් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කළුතර උතුර පොලීසිය විසින්.
කළුතර දිස්ත්‍රික්කයේ ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මේ වනවිට තැපැල්කරු රෝහල් ගතවීම සඳහා පෝරමය ද රැගෙන පිටව ගොස් ඇති අතර, සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කතාබහක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.