වසන්ත ඝාතනයට සැකපිට ඇල්ලූ හිටපු මන්ත්‍රී නිසා අමාරුවේ වැටෙන්න යන සගයා

පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්වන අමල් සිල්වාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලට අනුව චූඩ් ප්‍රියන්ත නැමැත්තෙක් පිළිබඳව කරුණු කතාබහට ලක්වෙමින් තිබෙනවා.

ඔහු ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ බවට මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැතත් ප්‍රශ්න කිරීම්වලදී අමල් සිල්වා, චූඩ් ප්‍රියන්ත ෆ්‍රැන්සිස් සමග සම්බන්ධතා පවත්වා ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්වන අමල් සිල්වාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි චූඩ් ප්‍රියන්ත නැමැත්තා ගැන කතාබහක් කරලියට පැමිණ ඇත්තේ.

ඔහු මෙම ඝාතනයට සම්බන්ධ බවට මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර කළ ප්‍රශ්න කිරීම්වලදී අමල් සිල්වා, චූඩ් ප්‍රියන්ත ෆ්‍රැන්සිස් සමග සම්බන්ධතා පවත්වා ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා.

ක්ලබ් වසන්ත ඝාතනය සිදු වී දින කිහිපයකට පසුව එනම් පසුගිය ජූලි මස 23වනදා ඩුබායි රජයේ දී අමල් සිල්වාගේ දේශපාලනයට සම්බන්ධ හිතවතුන් පිරිසක් සමග චූඩ් ප්‍රියන්ත සාකච්ඡාවක් පවත්වා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එසේම, පසුගිය සමයේ පැවති මැතිවරණ කටයුතුවලදී අමල් සිල්වාගේ දේශපාලන කටයුතු සඳහා චූඩ් ප්‍රියන්ත නැමැත්තා මුදල්වලින් උදවු උපකාර කර ඇති බවත් වාර්තා වනවා.

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට රැකවරණය ලබා දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අමල් සිල්වා මේ වනවිට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ රඳවා සිටින අතර ඔහුගෙන් මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා.

වැඩි විස්තර සඳහා පහතින් ඇති සබැඳිය හරහා ගොස් වීඩියෝව නරඹන්න.

https://www.facebook.com/watch/?v=868757891435868&ref=sharing