ජනාධිපතිගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනුයි අදළා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!